Quantcast
Viewing all articles
Browse latest Browse all 22

ලංකාවේ දරුවන් පෙලන අධ්‍යාපන විෂමතා මැඩලීමේ අභියෝග


Image may be NSFW.
Clik here to view.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරෝ
අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරෝ
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි අධ්‍යාපන පහසුකම් නො ලැබී යාම නිසා ලොව පුරා කෝටි ගණනක් දරුවන් හට ඉගෙනීමේ අවස්ථා අහිමි වී යද්දී ලංකාවේ පාසල් කප්පාදුවකට රජය අර අඳින බවට ගුරු සංගම් චෝදනා කරති.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටින්නේ සම්පත් බෙදී යාමේ විෂමතා දුරලීමට පියවර ගනිමින් සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන සහ සංස්කෘතික සංවිධානය (UNESCO) පළ කොට ඇති වාර්තාවකට අනුව අවම වශයෙන් කෝටි එකසිය විසි පහක් පමණ ළමුන්ට ලිවීමේ හා කියවීමේ මෙන් ම ගණන් කිරීමේ මූලික දැනුම නැත.

ප්‍රධාන හේතුව වශයෙන් වාර්තාව දක්වන්නේ,ගුරුවරුන්ට ක්‍රමවත් පුහුණුවක් ලබා දී නො තිබීමයි.
ශ්‍රී ලංකාවේ සම්පත් බෙදී යාමේ විෂමතාව සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වන නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ, අවශ්‍ය ආකාරයට ගුරුවරුන් ස්ථාන ගත කිරීමේ ගැටළුවක් පවතින බවයි.
කෙසේ වෙතත් ගැටළුව නිරාකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි,නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටින්නේ.

ගැටළු

පසුගිය වසර වන තෙක් ම ශ්‍රි ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුන්සිය තිස් හතරෙන් හැත්තෑ දෙකක උසස් පෙළ සිසුන් සඳහා විද්‍යා සහ ගණිත පාඨමාලා නො පැවති අතර, උසස් පෙළ පංතිවල ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු දුර බැහැර පළාත් වලට යෑමට අකමැති වීම සහ විද්‍යාගාර පහසුකම් නොමැති වීම අධ්‍යාපන විෂමතාවට බලපෑ බවයි,අධ්‍යාපන නියෝජ්‍යය ඇමති මොහාන් ලාල් ග්‍රේරෝ ප්‍රකාශ කළේ.
පසුගිය වසරේ ආරම්භ කරන ලද ද්වීතීයික පාසල් දහසේ වැඩ සටහන යටතේ මේ වන විට විද්‍යාගාර,භාෂාගාර සහ පරිගණක ඒකක පාසල් අටසියයක පමණ පිහිටුවා ඇති නමුත් එම පාසැල් වලට පත් කළ උපාධිධාරී ගුරුවරුන් හාර දහසෙන් බොහෝ දෙනකු දුෂ්කර පළාත් වල පිහිටි පාසල් අත්හැර තමන්ට පහසු ප්‍රදේශ වලට පැමිණීම ගැටළුවක් වී ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

පාසල් කප්පාදුවක්

Image may be NSFW.
Clik here to view.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් බීබීසී සංදේශයට කරුණු දක්වමින් කියා සිටියේ අධ්‍යාපන සම්පත් බෙදී යාමේ විෂමතාව වර්ධනය වෙමින් තිබෙන බවයි.
නම දහසක් පමණ වන ශ්‍රී ලංකාවේ පාසල් කප්පාදු කිරීම ආණ්ඩුවේ සැලසුම බවයි,ලංකා ගුරු සංගමයේ චෝදනාව.
ද්වීතියික පාසල් දහසකටත් ප්‍රාථමික පාසල් පන්දහසකටත් රටේ පාසැල් සීමා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ.
මෙහි දී සුපිරි පාසල් වලට අධ්‍යාපන සම්පත් කේන්ද්‍රගත වන අතර අනෙකුත් පාසල් වල පහසුකම් කප්පාදු වන බවයි,වැඩිදුරටත් කියා සිටියේ.

Viewing all articles
Browse latest Browse all 22

Trending Articles